කෘතීම බුද්ධිය මිනිස් මනස අභිබවා යාමේ අවධානමක්

කෘතීම බුද්ධිය මිනිස් මනස අභිබවා යාමේ අවධානමක්

කෘතීම බුද්ධියේ ගෝඩ් ෆාදර් ලෙස හැඳින්වෙන අවුරුදු 75ක් වයසැති ජෙෆ්රි හින්ටන් ගූගල් සමාගමෙන් ඉවත්වීමට කටයුතු කර තිබෙනවා.

ඔහු පවසන්නේ කෘතීම බුද්ධිය මිනිස් මනස අභිබවා යාමේ අවධානමක් ඇති බවයි.

එමෙන්ම ඔහු සිදුකළ ඇතැම් අත්හදාබැලීම් පිළිබඳව අද වන විට ඔහු කණගාටුවන බව ද විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු සඳහන් කරන්නේ කෘතීම බුද්ධිය මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් බැවින් එය මිනිසා අභිබවා යාමක් සිදු නොවන බව ලොව පිළිගත් මතය වුවද නුදුරු අනාගතයේදී එය වෙනස් වීමට හැකි බවයි.

එය එතරම් සුබවාදී දෙයක් නොවන බවද ඔහු විදෙස් මාධ්‍ය වෙත අදහස් පල කර තිබෙනවා.

අනාගතයේදී මිනිසුන්ට රැකියා අහිමි කිරීමට පමණක් නොවෙයි තව බොහෝ කාරණා සඳහා කෘතීම බුද්ධියේ වර්ධනය ඉවහල් වන බවටයි ඔහු අනතුරු අඟවා තිබෙන්නේ.

Share This