දින 86ක උපවාසයක් අතරතුර මිය ගිය පලස්තීන ජාතිකයා

දින 86ක උපවාසයක් අතරතුර මිය ගිය පලස්තීන ජාතිකයා

පලස්තීන සටන්කාමී සංවිධානයක් වන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ චරිතයක් වන ඛාදර් අද්නාන් ඊශ්‍රායල සිර කඳවුරක සිටියදී මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දින 86ක උපවාසයක් අතරතුර ඔහු මෙලෙස මියගොස් ඇති බවයි පැවසෙන්නේ

ඔහු සිහිසුන්ව සිටියදී සොයා ගත් බවත් රෝහලට ගෙන ගිය නමුත් ඔහුව ජීවත් කරවීම සඳහා ගත් උත්සාහයන් අසාර්ථක වූ බවත් ඊශ්‍රායල බන්ධනාගාර සේවයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

ඛාදර් අද්නාන් වෛද්‍ය පරීක්ෂණවලට පෙනී සිටීම පවා ප්‍රතික්ෂේප කළ බවයි වැඩිදුරටත් වාර්තා වී තිබෙන්නේ

ඔහුගේ මරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සටන්කාමීන් විසින් ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇති අතර කිසිවෙකුට හානියක් සිදුව නැහැ

ගාසා තීරයේ පිහිටුවා ඇති ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය මීට පෙර අනතුරු අඟවා තිබුණේ ඔහු සිරගෙදරදී මිය ගියහොත් ඒ වෙනුවෙන් දැඩි ලෙස වන්දි ගෙවීමට සිදුවන බවයි.

44 හැවිරිදි පලස්තීන ජාතික ඛාදර් අද්නාන් ත්‍රස්තවාදයට අනුබල දීම, ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග සම්බන්ධවීම සහ උසිගැන්වීම් යන චෝදනා යටතේ රැඳවුම් භාරයේ රඳවා සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This