උගන්ඩාවේ ඇමතිවරයෙකුට වෙඩි තැබූ ආරක්ෂකයා

උගන්ඩාවේ ඇමතිවරයෙකුට වෙඩි තැබූ ආරක්ෂකයා

උගන්ඩා හමුදා සොල්දාදුවෙකු ඔහු විසින් ආරක්ෂාව සැපයූ අමාත්‍යවරයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එරට කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයායි මෙලෙස කම්පාලා අගනුවර පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කර තිබෙන්නේ

හමුදා සොල්දාදුවා සහ ඔහුගේ ප්‍රධානියා අතර බහින්බස්වීමක් සිදුවී ඇත්ද යන්න තවමත් පැහැදිලි නැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

මේ අතර ඇසින් දුටු සාක්ෂිකරුවන් පවසා තිබෙන්නේ සොල්දාදුවා අහසට වෙඩි තබමින් අසල්වැසි ප්‍රදේශය පුරා ඇවිද ගිය බවයි.

තවමත් නිල වශයෙන් හඳුනාගෙන නොමැති සොල්දාදුවා ඉන් මිනිත්තු කිහිපයකට පසු වෙඩි තබාගෙන සියදිවි නසා ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

සිද්ධියෙන් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බවද සඳහන් වනවා.

Share This