කෙන්යාවේදී අනුගාමිකයන්ට ‘කුසගින්නේ මිය යාමට උපදෙස් දුන්නා යැයි’ කියූ ප්‍රධානියා අධිකරණයට

කෙන්යාවේදී අනුගාමිකයන්ට ‘කුසගින්නේ මිය යාමට උපදෙස් දුන්නා යැයි’ කියූ ප්‍රධානියා අධිකරණයට

වෙරළබඩ නගරයක් වන Malindi අසලින් සොයාගත් සිරුරු මේ වනවිට 100 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම සමූහ මරණ සම්බන්ධයෙන් ආගමික දේශකයෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අතර එම දේශනාවලදී අනුගාමිකයන්ට කුසගින්නේ මිය යන ලෙස පවසා ඇති බවයි තොරතුරු හෙළිව තිබෙන්නේ.

ඒ අනුව ඔහුව එරට අධිකරණයට කැඳවා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම තවත් ආගමික දේශකයෙකු මිනීමැරුම් සහ සියදිවි නසා ගැනීමට ආධාර කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වනවා.

Share This