‘බලා සිටියදී දරුවන් මියයනවා … කළ හැකි කිසිවක් නෑ ‘-ඇෆ්ගනිස්ථානයෙන් ඇසෙන ඛේදවාචකය (VIDEO )

‘බලා සිටියදී දරුවන් මියයනවා … කළ හැකි කිසිවක් නෑ ‘-ඇෆ්ගනිස්ථානයෙන් ඇසෙන ඛේදවාචකය (VIDEO )

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වන යුනිසෙෆ් ආයතනයට අනුව සෑම දිනකම ඇෆ්ගනිස්ථානයේ ළමුන් 167 ක් වළක්වා ගත හැකි රෝගවලින් මිය යන බව වාර්තා වී තිබෙනවා

ඇෆ්ගනිස්ථානයේ මහජන සෞඛ්‍ය සේවාව කිසි විටෙක ප්‍රමාණවත් නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා ද පෙන්වා දී ඇත්තේ.

2021 වසරේ අගෝස්තු මාසයේදී තලේබාන් සංවිධානය බලය අල්ලාගත් විට සෞඛ්‍ය සේවාව වෙනුවෙන් අරමුදල් සැපයූ විදේශ මුදල් අත්හිටුවා තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ

ඒ අනුව ඇෆ්ගනිස්තානයේ රෝහල්වල සෞඛ්‍ය පහසුකම් ඉතා දුර්වල තත්ත්වයක පවතින බව bbc පුවත් සේවය වාර්තා කරනවා.

බටහිර Ghor පළාතේ ප්‍රධාන රෝහලේ ළමා වාට්ටුව දරුවන්ගෙන් පිරී ඇති බවත්, සෑම ඇඳකම අවම වශයෙන් දරුවන් දෙදෙනෙකු සිටින බවයි bbc පුවත් සේවය සඳහන් කරන්නේ.

ළමයි 60ක් පමණ හෙදියන් දෙදෙනෙක් විසින් බලාගන්නා බවත්, බරපතල ප්‍රතිකාර අවශ්‍ය ළමුන්ට මෙම රෝහලේදී ප්‍රතිකාර කළ නොහැකි බවත් එම පුවත් සේවය සඳහන් කරනවා

තලේබාන් සංවිධානය විසින් රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන කාන්තාවන්ට මෑතදී පැනවූ තහනමෙන් පසු මානුෂීය ආයතනවලට ක්‍රියාත්මක වීම දුෂ්කර වෙමින් පවතින බවත් , ඉන් දරුවන් සහ ළදරුවන් අවදානමට ලක් වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.

Share This