
මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතට
මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරී ක්‍රමවේදයක් යටතේ කළමනාකරණය කිරීමේ තීරණයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
එම යෝජනාව 2023.02.27 දින බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබුණා.
අනතුරුව එම යෝජනාව පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ජාතික නියෝජිතායතනය වෙත යොමුකිරීමට තීරණය කර තිබූ බවයි වාර්තා වන්නේ.
එම වාර්තාව පිළිබඳව අධ්‍යයනය කර එහි සඳහන් නිර්දේශ මත පදනම්ව ඉදිරි කටයුතු කිරීම සඳහා මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.