යුක්‍රේන ජනපතිගෙන් පුටින් ගැන ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ප්‍රකාශයක්

යුක්‍රේන ජනපතිගෙන් පුටින් ගැන ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ප්‍රකාශයක්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සාපරාධී ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔහුට දඬුවම් කළ යුතු බව යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ රුසියාවේ යුද අපරාධ සම්බන්ධයෙන් වගවීම සඳහා යුද අධිකරණයක් පිහිටුවන ලෙසයි

මේ බව යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ ව්ලැඩිමීර් පුටින් ඝාතනය කිරීමට උත්සාහ කළ බවට මොස්කව් විසින් යුක්‍රේනයට චෝදනා කිරීමෙන් දිනකට පසුව බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ .

එමෙන්ම ව්ලැඩිමීර් පුටින් ඝාතනය කිරීමේ අරමුණින් ක්‍රෙම්ලිනයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය පිටුපස එක්සත් ජනපදය සිටින බවටද රුසියාව චෝදනා කර තිබෙනවා.

Share This