පාකිස්ථානයේ පාසලක වෙඩි තැබීමක් -ගුරුවරුන් ඇතුළු පුද්ගලයින් 7ක් මරුට

පාකිස්ථානයේ පාසලක වෙඩි තැබීමක් -ගුරුවරුන් ඇතුළු පුද්ගලයින් 7ක් මරුට

පාකිස්ථානයේ වයඹ දිග කුරම් දිස්ත්‍රික්කයේ පාසලක දී ගුරුවරුන් ඇතුළු පුද්ගලයින් හත් දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

රජයේ උසස් පාසලක කාර්යය මණ්ඩල කාමරයක් තුළ සිදුවූ මෙම වෙඩි තැබීමට තුවක්කුකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ වී ඇති බවයි එරට පොලිසිය සඳහන් කරන්නේ

ඇෆ්ගනිස්තානයට මායිම්ව පිහිටි ග්‍රාමීය ප්‍රදේශයක් වන කුරම් දිස්ත්‍රික්කයේ පාසලක සිදුවූ මෙම සිදුවීමට නිසි හේතුවක් සොයා ගෙන නොමැති අතර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරන්නේ කුරම් දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකු සිය මෝටර් රථය තුළ වෙඩි තබා ඝාතනය කර ඇති බවත් ඔහු මෙම පාසලේම ගුරුවරයෙකු බවට විශ්වාස කරන බවයි

පොලිසියට ද ප්‍රහාරයක් එල්ල වී ඇති අතර තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි පැවසෙන්නේ

පාසල තුළ සිසුන් ආරක්ෂිතව සිටින බවත් තුවක්කුකරුවන් ඇතුළු වී වෙඩි තබන විට ගුරුවරුන් විභාග රාජකාරි ඉටු කරමින් පාසලේ සිටි බවත් විදෙස් මාධ්‍ය පවසනවා

 

Share This