දේශ සීමා අර්බුද මැද ඉන්දු – චීන විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

දේශ සීමා අර්බුද මැද ඉන්දු – චීන විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සහ චීන විදේශ කටයුතු අමාත්‍ය කින් ගැන්ග් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදීයි.

මේ දිනවල පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවට සහභාගී වීම සඳහා චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ඉන්දියාවට පැමිණ සිටිනවා.

ඊට සමගාමීවයි ඉන්දු – චීන අමාත්‍යවරුන් අතර හමුව සිදු වුණේ.

කැපී පෙනෙන ගැටළු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා පැවැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම දේශසීමා ප්‍රදේශවල සාමය සහ සන්සුන් භාවය සහතික කිරීම පිළිබඳව ද ඉන්දු – චීන විදේශ අමාත්‍යවරුන්ගේ හමුවේදී අවධානය යොමුව තිබෙනවා.

Share This