සර්බියාවේ දෙවන සමූහ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

සර්බියාවේ දෙවන සමූහ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට

සතියක් ඇතුළත සර්බියාවේ බෙල්ග්‍රේඩ් ප්‍රදේශයේ සිදුවූ දෙවන සමූහ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ අදාළ වෙඩි තැබීම සිදු කළ 21 හැවිරිදි තරුණයා ඊයේ (04) ඩුබෝනාහි උද්‍යානයකදී පොලිස් නිලධාරියෙකු සමඟ බහින්බස් වීමක් ඇතිවීමෙන් අනතුරුව වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

අදාළ වෙඩි තැබීමෙන් අට දෙනෙකු මිය ගොස් 14 දෙනෙකු තුවාල ලැබුවා.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසුවේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් 600කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වී පුළුල් සෝදිසි මෙහෙයුමක් දියත් කළ අතර අද (05) අලුයම ඔහු අත්අඩංගුවට ගත් බවයි

වෙඩි තැබීමෙන් තුවාල ලැබු වයස අවුරුදු 21 සහ 23 වයස්වල පුද්ගලයින් දෙදෙනෙකුට ශල්‍යකර්මයක් සිදු කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය ද බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

කෙසේ වෙතත් මෙම සතියේම සර්බියාවේ බෙල්ග්‍රේඩ් ප්‍රදේශයේම වෙඩි තැබීමක් සිදුව තිබුණා.

Share This