ප්‍රංශයේ ජාතික දින සැමරුමේ ආරාධිතයා ලෙස ඇරයුම් ලැබූ දකුණු ආසියාවේ රාජ්‍ය නායකයා

ප්‍රංශයේ ජාතික දින සැමරුමේ ආරාධිතයා ලෙස ඇරයුම් ලැබූ දකුණු ආසියාවේ රාජ්‍ය නායකයා

ප්‍රංශයේ ජාතික දිනය ජූලි 14 වනදාට යෙදී තිබෙනවා.

මෙවර ජාතික සැමරුම් උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස ප්‍රංශය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ආරාධනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ඒ සඳහා සහභාගී වන ලෙස ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් විසින් ආරාධනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ .

කෙසේවෙතත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාතික දින උත්සවය සඳහා ආරාධනා කර ඇති බව පවසමින් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රන් විසින් ට්විටර් සටහනක් ද පළ කර තිබෙනවා.

ප්‍රංශ භාෂාවෙන් සහ හින්දි බසින් එය පළ කර තිබීම විශේෂත්වයක්.

එහි දැක්වෙන්නේ “හිතවත් නරේන්ද්‍ර, ජූලි 14 වෙනිදා පැරීසියට ඔබව පිළිගැනීමට ලැබීම ගැන සතුටුයි!” යන්නයි.

එමෙන්ම ඉන්දීය සන්නද්ධ හමුදා කණ්ඩායමක් ද ප්‍රංශයේ ජාතික දින පෙළපාලියට සහභාගී වීමට නියමිත බව වාර්තා වනවා.

Share This