චාල්ස් රජුට එරෙහි වූ පිරිසක් අත්අඩංගුවට

චාල්ස් රජුට එරෙහි වූ පිරිසක් අත්අඩංගුවට

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට එරෙහිව විරෝධයේ නිරත වූ පුද්ගලයින් පනස් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විරෝධතාව සිදු කළ කණ්ඩායම් නායකයෙකු ඇතුළු පිරිසකුයි.

චාල්ස් රජුගේ රාජාභිෂේකය ඊයේ (06) පස්වරුවේ පැවති අතර එහිදී විරෝධතාකරුවන් රජු තමන්ගේ රජු නොවන බව පවසමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ක්‍රියා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

Share This