ටෙක්සාස්හි දී වෙඩි තබා අට දෙනෙකු ඝාතනය කළ පුද්ගලයාගේ සිරුර හඳුනා ගැනේ (VIDEO )

ටෙක්සාස්හි දී වෙඩි තබා අට දෙනෙකු ඝාතනය කළ පුද්ගලයාගේ සිරුර හඳුනා ගැනේ (VIDEO )

ටෙක්සාස් ප්‍රාන්තයේ සාප්පු සංකීර්ණයකදී ළමුන් ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු ඝාතනය කළ ආයුධ සන්නද්ධ තුවක්කුකරු හඳුනාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

වයස අවුරුදු 33ක් වන Mauricio Garcia ලෙසයි ඔහුව හඳුනාගෙන ඇත්තේ.

එම ප්‍රදේශයේම සිටි මෙම පුද්ගලයාව පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

වෙඩි තැබූ පුද්ගලයා සාප්පු සවාරි යන පිරිස්වලට වෙඩි තබා ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු බරපතල තත්ත්වයෙන් රෝහල ගත කර ඇති බවයි සඳහන් වන්නේ .

Mauricio Garcia සතුව තුවක්කුවක් ද තිබි ඇති අතර ඔහුගේ මෝටර් රථයේ තවත් ආයුධ සහ පතොරම් සොයා ගත් බවයි එරට පොලිසිය පවසන්නේ

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජනපද ධජය අඩකුඹු කරන ලෙස ජනාධිපති බයිඩන් නියෝග කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This