පාකිස්ථාන වැසියන්ට උද්ධමනය දරාගත නොහැකිවේ

පාකිස්ථාන වැසියන්ට උද්ධමනය දරාගත නොහැකිවේ

අඛණ්ඩව ඉහළ යන උද්ධමනයට එරෙහිව පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර ආණ්ඩු විරෝධී මහජන රැලි පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ සඳහා එක්ව සිටි පිරිස් චෝදනා කර ඇත්තේ රජය ජනතාව මුහුණ දී සිටින අර්බුද සඳහා විසඳුම් ගෙන ඒමට අපොහොසත් බවයි.

පාකිස්ථානයේ අවාමි කම්කරු පක්ෂය (AWP), ප්‍රගතිශීලී ශිෂ්‍ය සම්මේලනය (PrSF) සහ කාන්තා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (WDF) එම විරෝධතා රැළි සංවිධාන කර තිබුණා.

රාවල්පින්ඩි සහ ගිල්ගිට්-බල්ටිස්තාන් හි ද එවැනිම ජන රැලි සහ විරෝධතා පැවැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විරෝධතාකරුවන් පවසන්නේ පාකිස්ථානය ඉතිහාසයේ දරුණුතම මූල්‍ය අර්බුදයට මුහුණ දෙමින් සිටියදී අර්බුදය කළමනාකරණය කිරිමට වත්මන් රජය අපොහොසත් බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිගැනීමට හා ඔවුන් සමග එකඟතාවලට එළඹීමට අපොහොසත් වීම හමුවේ ජාත්‍යන්තරයේ සහය හිමිවිමේ අවස්ථාව ද මගහැරී යනු ඇතැයි විරෝධතාකරුවන් චෝදනා කළා.

Share This