සර්බියාවේ වෙඩි තැබීම්වලට එරෙහිව ජනතාව විරෝධතාවල (VIDEO )

සර්බියාවේ වෙඩි තැබීම්වලට එරෙහිව ජනතාව විරෝධතාවල (VIDEO )

සර්බියාවේ බෙල්ග්‍රේඩ් අගනුවර සහ තවත් නගරයක පසුගිය සතියේ සිදුවූ සමූහ වෙඩි තැබීම් දෙකකින් පසු තුවක්කු ප්‍රචණ්ඩත්වයට එරෙහිව සර්බියානුවන් දස දහස් ගණනක් විරෝධතාවලට සම්බන්ධ වී සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම වෙඩි තැබීම්වලින් ප්‍රාථමික පාසලක ළමුන් අට දෙනෙක් ද ඇතුළුව 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා

රජයේ ඉහළ නිලධාරීන් ඉල්ලා අස්විය යුතු බවටත්, ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරන බව පවසන පුවත්පත් සහ රූපවාහිනී මධ්‍යස්ථාන වසා දමන ලෙසටත් විරෝධතාකරුවන් ඉල්ලා සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

සර්බියාවේ ජනාධිපතිවරයා මෙම විරෝධතා හෙළා දැක ඇති අතර විපක්ෂය මෙම ඛේදවාචකය ප්‍රයෝජනයට ගනිමින් තම අවශ්‍යතා ප්‍රවර්ධනය කරන බව ඔහු සඳහන් කර තිබෙනවා.

පන්ති නැවත ආරම්භ කරන විට බෙල්ග්‍රේඩ් හි සියලුම පාසල් අසල පොලිසිය විසින් ආරක්ෂාව සපයා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

“අපට සියලු දරුවන්ට ආරක්ෂිත පාසල්, වීදි, ගම් සහ නගර අවශ්‍යයි.” යනුවෙන් විරෝධතාවයට එක්වූ විරෝධතාකරුවන් සඳහන් කර තිබෙන අතර සර්බියාවේ අධ්‍යාපන අමාත්‍ය Branko Ruzic තම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

Share This