නවසීලන්තයේ ඕක්ලන්ඩ් අගනුවර හදිසි තත්ත්වයක්

නවසීලන්තයේ ඕක්ලන්ඩ් අගනුවර හදිසි තත්ත්වයක්

වර්ෂාව හේතුවෙන් නවසීලන්තයේ ඕක්ලන්ඩ් අගනුවර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ අතර නගරයට උතුරු ප්‍රදේශයේ ගංවතුරට හසුව ගුහාවක අතුරුදන් වූ පාසල් සිසුවෙකු සොයා ගලවා ගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් දියත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

අධික වර්ෂාපතනය හේතුවෙන් මෝටර් රථවලට ගස් පෙරළී ඇති අතර දුම්රිය සේවා අඩාල වී තිබෙනවා.

වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් හතර දෙනෙකු මිය ගොස් ඕක්ලන්ඩ් හි ප්‍රධාන ගුවන් තොටුපළේ සමහර කොටස් ජලයෙන් යටව තිබෙන බවද වාර්තා වනවා

Share This