ඉම්රාන් ඛාන් වෙනුවෙන් පෙනී සිටින විරෝධතාකරුවන්

ඉම්රාන් ඛාන් වෙනුවෙන් පෙනී සිටින විරෝධතාකරුවන්

හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු පාකිස්ථානයේ ආරක්ෂක අංශ සහ ඔහුගේ ආධාරකරුවන් අතර ප්‍රචණ්ඩ ගැටුම් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

රටපුරා විරෝධතා ඇවිලෙමින් පවතින අතර, ක්වෙටා නගරයේ අවම වශයෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වී තිබෙන්නේ

ඉම්රාන් ඛාන්ව ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉස්ලාමාබාද් අගනුවර මහාධිකරණ සංකීර්ණය සමිපයේදියි

විරෝධතා වර්ධනය වීමත් සමග අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් මත රට තුළ ජංගම සේවා අත්හිටුවා තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

වොෂින්ටනයේ සිට අදහස් දක්වමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසා තිබෙන්නේ “පාකිස්ථානයේ සිදුවන ඕනෑම දෙයක් නීතියේ ආධිපත්‍යයට, ව්‍යවස්ථාවට අනුකූල වන” බවට වග බලා ගැනීමට අවශ්‍ය බවයි.

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඔහුගේ ආධාරකරුවන් ලන්ඩනයේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයට පිටතින් රැස්ව සිටි බවද වාර්තා වනවා

හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු පැය කිහිපයක් තුළ ලාහෝර්, කරච්චි සහ පෙෂාවර් ඇතුළු නගරවලින් ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී තිබෙනවා

 

Share This