රුසියානු හමුදාවන්ට එරෙහිව ප්‍රතිප්‍රහාර දියත් කිරීම ගැන යුක්‍රේන ජනපතිගෙන් ප්‍රකාශයක්

රුසියානු හමුදාවන්ට එරෙහිව ප්‍රතිප්‍රහාර දියත් කිරීම ගැන යුක්‍රේන ජනපතිගෙන් ප්‍රකාශයක්

රුසියානු හමුදාවන්ට එරෙහිව ප්‍රතිප්‍රහාරයක් දියත් කිරීමට තම රටට තවත් කාලයක් අවශ්‍ය බව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ප්‍රකාශ කර තිබෙනවා.

කියෙව්හි සිය මූලස්ථානයේදී අදහස් දක්වමින් ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත්තේ නේටෝ රටවල් විසින් පුහුණු කරන ලද සටන් බළකායන් සූදානම්ව ඇති නමුත් ප්‍රහාර එල්ල කිරීම සඳහා හමුදාවට සන්නද්ධ වාහන ඇතුළු තවත් උපකරණ වැනි දේවල් අවශ්‍ය බවයි.

මෙම ප්‍රහාරය යුද්ධයේදී තීරණාත්මක විය හැකි බවත් ලැබී ඇති ආයුධ සහ උපකරණ යුධ පිටියේ ජයග්‍රහණවලට හේතු විය හැකි බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

යුක්‍රේනයට අවශ්‍ය තාක් කල් සහාය දෙන බවට ප්‍රතිඥා දී ඇති ජනාධිපති ජෝ බයිඩන් 2024 දී නැවත තේරී පත් නොවන්නේ නම්, එක්සත් ජනපද සහයෝගය අහිමිවීමට ඉඩක් නොමැති බවද ජනාධිපති සෙලෙන්ස්කි පවසනවා

ජනාධිපති සෙලෙන්ස්කි කරුණු 10කින් යුත් සාම යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා

ආක්‍රමණය කරන ලද සියලුම භූමි ප්‍රදේශ ආපසු ලබා දීම, යුද්ධයට සම්බන්ධ හානි සඳහා වන්දි ගෙවීම සහ රුසියානු යුද අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා විශේෂ අධිකරණයක් නිර්මාණය කිරීම මෙම සාම යෝජනාවට ඇතුළත් වන අතර එය මොස්කව් ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

Share This