රන් දෙවොල අසල බෝම්බ පිපිරීම්වලට සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට

රන් දෙවොල අසල බෝම්බ පිපිරීම්වලට සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ අම්රිත්සාර් හි රන් දෙවොල අසල සිදුවූ පිපිරීමට සම්බන්ධ පුද්ගලයන් පස් දෙනෙකු පන්ජාබ් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එය දින පහක් තුළ සිදුවූ තුන්වන පිපිරීම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විශේෂ විමර්ශන කණ්ඩායමක් (SIT) සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන අතර පිපිරීම පිටුපස ඇති චේතනාව තහවුරු කරගැනීමට උත්සාහ කරන බවයි පන්ජාබ් පොලිස් අධ්‍යක්ෂ ජනරාල් ගරුව් යාදෙව් පවසන්නේ.

මෙම පුපුරණ ද්‍රව්‍යය එකලස් කර තිබුණේ අම්රිත්සාර් හි රන් දෙවොල අසල පිහිටි ගුරු රාම්දාස් සාරායිගේ නවාතැන්පළේ වැසිකිළියේ බවත් පුපුරණ ද්‍රව්‍ය සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය සාමාන්‍යයෙන් රතිඤ්ඤා නිෂ්පාදනය සඳහා භාවිත කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පැවසීය.

අම්රිත්සාර් ප්‍රදේශයේ මේ වනවිට ආරක්ෂාව තර කරඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This