විරෝධතාකරුවන් සහ පාකිස්ථාන හමුදාව අතර ගැටුම් වැඩිවෙයි – පාකිස්ථානයේ ඉතිහාසයත් වෙනස් වෙන ලකුණු

විරෝධතාකරුවන් සහ පාකිස්ථාන හමුදාව අතර ගැටුම් වැඩිවෙයි – පාකිස්ථානයේ ඉතිහාසයත් වෙනස් වෙන ලකුණු

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු විරෝධතාකරුවන් සහ පාකිස්ථාන හමුදාව අතර ගැටුම් වැඩිවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා

නොසන්සුන්තාව ප්‍රධාන නගර කිහිපයක් පුරා පැතිරී ඇති අතර, හමුදා දේපළවලට කඩා වැදී හමුදා නිලධාරීන්ගේ නිවාස ගිනි තැබීමේ සිදුවීම්ද මේ වනවිට වාර්තා වී තිබෙනවා

පාකිස්ථානයේ දේශපාලන අස්ථාවරත්වය, පාලන තන්ත්‍ර වෙනස්වීම් සහ කුමන්ත්‍රණ ඇතිව තිබෙන අතර, බලයේ රැඳී සිටින්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ඓතිහාසික වශයෙන් තීරණාත්මක කාර්යභාරයක් හමුදාව සතු බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

“ගිනි තැබීම් සහ ප්‍රචණ්ඩ විරෝධතා ඇවිලවීම” සම්බන්ධයෙන් ඛාන්ගේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

විශ්වවිද්‍යාලයක් ඉදිකිරීම සඳහා නීතිවිරෝධී ලෙස ඉඩම් ලබා ගැනීම සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන්ට චෝදනා එල්ල වී ඇති අතර දින අටක කාලයක් රඳවා තබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

නිලයේ සිටියදී විදේශීය නායකයින් විසින් එවන ලද තෑගි නීති විරෝධී ලෙස විකිණීම සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව නඩු පවරා තිබෙනවා

Share This