ඉන්දියානු රුපියල් ලක්ෂ 41කට වෙන්දේසි වූ වසර 60ක් පැරණි Rolex ඔරලෝසුව

ඉන්දියානු රුපියල් ලක්ෂ 41කට වෙන්දේසි වූ වසර 60ක් පැරණි Rolex ඔරලෝසුව

1964 දී ඉන්දියානු රුපියල් 7,000 කට මිලදී ගත් Rolex ඔරලෝසුවක් එක්සත් රාජධානියේ වෙන්දේසියේ දී ඉන්දියානු රුපියල් ලක්ෂ 41කට අලෙවි වී තිබෙනවා.

මෙම ඔරලෝසුව රාජකීය නාවික හමුදාවේ ගලවා ගැනීමේ හෙලිකොප්ටර්වල සේවය කළ කිමිදුම්කරුවෙකු වන සයිමන් බාර්නෙට් සතු වූ අතර ඔහු මියගිය පසු ඔහුගේ පුත් පීට් බාර්නෙට් වෙන්දේසියකදී ඔරලෝසුව විකුණූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එය 1953 දී නිපදවන ලද Diver’s Watch ලෙස හැඳින්වෙන Rolex සබ්මැරීනර් මාදිලියේ ඔරලෝසුවක් වනවා.

Rolex සබ්මැරීනර් ඔරලෝසුව පළමු වරට අඩි 330ක ගැඹුරු ජලයට ඔරොත්තු දෙන ආකාරයෙන් නිපදවූ අත් ඔරලෝසුව බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙම ඔරලෝසුව Antiques Roadshow හි දර්ශනය වූ අතර පසුව TW Gaze වෙන්දේසි ආයතනය විසින් එය පවුම් 30,000 ත් 45,000 ත් අතර අගයකට වෙන්දේසි කර තිබෙනවා.

කොපමණ වේලාවක් ජලය යට සිටියාද යන්න දැනගැනීමට අවශ්‍ය වූ නිසා rolex ඔරලෝසුව සයිමන් බාර්නෙට් පැළඳූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This