“මෝචා සුළි කුණාටුව” නිසා බෙංගාලය සීරුවෙන්

“මෝචා සුළි කුණාටුව” නිසා බෙංගාලය සීරුවෙන්

නවදිල්ලිය,කොල්කටා සහ මධ්‍යම බෙංගාල බොක්කෙහි ගිණිකොනදිග සහ යාබද ප්‍රදේශ හරහා මෝචා සුළි කුණාටුව ඉතා දරුණු සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වී ඇති බව බලධාරීහු පවසනවා

බටහිර බෙංගාලයේ ඕනෑම හදිසි අවශ්‍යතාවයකට මුහුණ දීම සඳහා කණ්ඩායම් අටක් සහ ගලවාගන්නන් 200 ක් යොදවා ඇති බව ජාතික ආපදා ප්‍රතිචාර බලකාය (NDRF) සඳහන් කරනවා

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය (ICG) ද එම කලාපයේ සිය ඒකකද සුදානම් කර ඇති බවයි පැවසෙන්නේ.

සුළි කුණාටුව සමීපව නිරීක්ෂණය කරන ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) ප්‍රකාශ කරන්නේ ඉරිදා වන විට සුළි කුණාටුව ක්‍රමයෙන් දරුණු සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වනු ඇති බවයි.

එය පැයට කිලෝමීටර් 150-160 දක්වා වේගයෙන් හමා යමින් බංගලාදේශ-මියන්මාර දේශසීමාව ඔස්සේ ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

කොක්ස් බසාර් අසල බංග්ලාදේශයේ පහත් බිම් වෙරළ තීරයට මීටර් 1.5-2 ක පමණ කුණාටු තත්ත්වයක් ඇති විය හැකි බවද ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ( IMD) විශ්වාසය පළ කරනවා.

මධ්‍යම සහ ඊසාන දිග බෙංගාල බොක්ක සහ උතුරු අන්දමන් මුහුදට ඉරිදා වනතුරු නොයන ලෙස කාලගුණ කාර්යාලය ධීවරයන්ගෙන් සහ සංචාරකයින්ගෙන් ඉල්ලා ඇති අතර, හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන ඕනෑම ස්වභාවික විපත්වලට මුහුණ දීම සඳහා පැය විසිහතර පුරා ක්‍රියා කරමින් සිටින බව එරට බලධාරීහු පවසනවා.

ඇතැම් ඊසානදිග ප්‍රාන්තවලට සහ අන්දමන් සහ නිකොබාර් දූපත් සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

Share This