ඕස්ට්‍රේලියාවට නව ගල්අඟුරු ආකරයක්

ඕස්ට්‍රේලියාවට නව ගල්අඟුරු ආකරයක්

ඕස්ට්‍රේලියානු රජය විසින් නව ගල්අඟුරු ආකරයක් සඳහා අනුමැතිය පළ කර තිබෙනවා.

පසුගිය වසරේ දේශගුණික ක්‍රියාකාරී රටවල් අතරට තේරී පත් වීමෙන් පසු ප්‍රථම වරටයි ඔවුන් මෙවැනි ආකාරයේ ව්‍යාපෘතියක් සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ

ඒ අනුව, මෙම නව ගල්අඟුරු ආකරය තුළින් වසර 5 ක් තුළ ගල් අඟුරු ටොන් මිලියන 2.5 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතයි.

එය ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයට උතුරින් මොරන්බා අසල ඉදිකරනු ලබන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

නව ව්‍යාපෘතිය තුළින් ලෝහමය ගල් අඟුරු නිස්සාරණය කරනු ලබන අතර එය වානේ සෑදීමේදී භාවිතා කරන කෝකින් ගල් අඟුරු (coking coal) ලෙසද හඳුන්වන බව සඳහන්.

එමෙන්ම නව ව්‍යාපෘති තුළින් ගෝලීය දේශගුණික ආරක්‍ෂණ පද්ධතින් සමග නොගැලපෙන බවට පරිසර විද්‍යාඥයින් දිගින් දිගටම අනතුරු ඇඟවීම් ද සිදු කර තිබෙනවා.

මීට අමතරව, වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂයන්ගේ වාසභූමියට හානි සිදු වන බවට පවසමින් නව සංවර්ධනය නතර කරන ලෙස පරිසර කණ්ඩායම් රජයෙන් ඉල්ලීම් කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

Share This