බංග්ලාදේශයට හා මියන්මාරයට බලපෑම් එල්ල කළ සුළි කුණාටුව

බංග්ලාදේශයට හා මියන්මාරයට බලපෑම් එල්ල කළ සුළි කුණාටුව

මෝචා (Mocha) සුළි කුණාටුවෙන් බංග්ලාදේශයට සහ මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ පස්වන කාණ්ඩයේ කුණාටුවකට සමාන ප්‍රබලත්වයකින් මෙය බංග්ලාදේශයේ සහ මියන්මාරයේ වෙරළබඩ ප්‍රදේශයට ඇතුළු වී ඇති බවයි

මෝචා (Mocha) සුළි කුණාටුවේ බලපෑමෙන් බෙංගාල බොක්ක අවට ගොඩබිම් ප්‍රදේශයට අධික වර්ෂාපතනයක් පවතින අතර මේ හේතුවෙන් එම රටවල ගංවතුරක් තත්ත්වයක් ද හට ගෙන තිබෙනවා.

එමෙන්ම සුළගේ වේගය ද පැයට කිලෝමීටර් 195ක් විය හැකි බවටයි කාලගුණ අංශ අනතුරු අඟවා ඇති බව ඇත්තේ.

මිට අමතරව ලක්ෂ 500,000 ට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

දශක දෙකකට ආසන්න කාලයකදී බංගලාදේශයට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුව මෙය බවයි කාලගුණ විද්‍යාඥයින් අනාවැකි පළ කර ඇත්තේ.

Share This