රුසියාවේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට කිසිදු සැලසුමක් නැහැ යුක්‍රේන ජනාධිපති කියයි

රුසියාවේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට කිසිදු සැලසුමක් නැහැ යුක්‍රේන ජනාධිපති කියයි

රුසියාවේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට යුක්‍රේනයට කිසිදු සැලසුමක් නොමැති බව ජනාධිපති Volodymyr Zelensky පවසනවා

ඔහු මේ බව පැවසුවේ අද (14) ජර්මනියට පැමිණි අවස්ථාවේදීයි.

එහිදී අදහස් දක්වමින් Volodymyr Zelensky ප්‍රකාශ කර ඇත්තේ නීත්‍යානුකූල නොවන ලෙස අත්පත් කරගත් ප්‍රදේශ යළි ලබා ගැනීම සදහා ප්‍රතිප්‍රහාරයක් සූදානම් කරමින් සිටින බවයි

මේ මස මුල මොස්කව්හි ක්‍රෙම්ලිනයට වාර්තා වූ ඩ්‍රෝන් ප්‍රහාරයක් ඇතුළුව රුසියාව තුළ ඉලක්ක වෙත නැවත නැවතත් පහර දෙන බවට රුසියාව යුක්‍රේනයට චෝදනා කරනවා

කෙසේ වෙතත් යුක්‍රේනයට එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, දැනට රුසියානු පාලනය යටතේ පවතින තම භූමි ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට බලය සහ වෙනත් ක්‍රම භාවිතා කිරීමට නීත්‍යානුකූල අයිතියක් ඇති බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

මිට අමතරව යුක්‍රේන ගුවන් හමුදාව පැවසුවේ රුසියාව විසින් දියත් කරන ලද ඩ්‍රෝන යානා 25 ක් සහ කෲස් මිසයිල තුනක් විනාශ කළ බවයි

Share This