යුක්‍රේන ජනපති එක්සත් රාජධානියට

යුක්‍රේන ජනපති එක්සත් රාජධානියට

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky අගමැති රිෂි සුනක් හමුවීම සඳහා එක්සත් රාජධානියට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ වැදගත් සාකච්ඡාවක් පැවැත්වීමට සඳහා තම මිතුරෙකු වන අගමැති රිෂි සුනක් හමුවන බවයි.

නායකයින් දෙදෙනා අතර හමුව පැය දෙකකට වඩා නොපවතිනු ඇති බවට අපේක්ෂා කෙරෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

මේ අතර රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම සඳහා යුක්‍රේනයෙන් ඉල්ලා සිටි දිගු දුර මිසයිල එරටට සපයන බව එක්සත් රාජධානිය නිවේදනය කර තිබෙනවා

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky තම රටට සහය ලබා ගැනීමට උත්සාහ කරමින් පසුගිය දිනවල බටහිර නායකයින් රැසක් හමුවී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This