කෙන්යානු ජනපති එරට වැසියන්ගෙන් සමාව ඉල්ලයි -කුසගින්නේ මිය ගිය අනුගාමිකයින් 200 ඉක්මවයි

කෙන්යානු ජනපති එරට වැසියන්ගෙන් සමාව ඉල්ලයි -කුසගින්නේ මිය ගිය අනුගාමිකයින් 200 ඉක්මවයි

කෙන්යාවේ වෙරළබඩ නගරයක් වන Malindi ප්‍රදේශයේ වළ දමා තිබූ සිරුරු සම්බන්ධයෙන් එරට ජනාධිපති William Ruto කෙන්යාවේ වැසියන්ගෙන් සමාව ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ආගමික දේශකවරයෙකුගේ දේශනාවලට අනුව අනුගාමිකයින්ට නිරාහාරව සිටීමෙන් මිය යන ලෙස පවසා ඇති බවටයි මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ

ඒ අනුව මෙවැනි සිදුවීම් සිදු නොවිය යුතු බවත් එහි වගකීම තමා භාර ගන්නා බවත් කෙන්යානු මාධ්‍ය ආයතන සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පවසා තිබෙනවා

මේ සම්බන්ධයෙන් නිසි පරිදි ක්‍රියා නොකිරීම පිළිබඳව එරට පොලිසියට සහ බුද්ධි අංශ නිලධාරීන්ට ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී දොස් පවරා ඇති අතර සිදුවූ මෙම සමූහ ඝාතන පිළිබඳ වාර්තාවක් තමාට ලබාදීමට අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් බවද ජනාධිපතිවරයා සඳහන් කරනවා

මෙවැනි සිදුවීම් යළි සිදු නොවීම සඳහා තමාට හැකි සෑම දෙයක්ම කරන බවත් පරීක්‍ෂණ අවසන් වූ පසු සිරුරු වළ දමා ඇති Shakahola වනාන්තරයට යාමට තමා සූදානම් බවත් කෙන්යානු ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා

මේ වන විට සිරුරු 200කට වැඩි ප්‍රමාණයක් ගොඩගෙන ඇති අතර තවත් 600කට වැඩි පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බවයි වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

 

Share This