මාධ්‍යවේදියා ඝාතනය කිරීමෙන් පසුව ලෙසෝතෝ රාජ්‍යයට ඇඳිරි නීතිය

මාධ්‍යවේදියා ඝාතනය කිරීමෙන් පසුව ලෙසෝතෝ රාජ්‍යයට ඇඳිරි නීතිය

දකුණු අප්‍රිකානු රාජ්‍යයක් වන ලෙසෝතෝ රාජ්‍යයයේ ගුවන්විදුලි මාධ්‍යවේදී රලිකොනෙලෝ ජෝකි නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කිරීමත් සමග දින නියමයක් නොමැතිව එරට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

අඟහරුවාදා ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනයකට අනුව අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ලෙසතෝ රාජධානිය පුරා සියලුම පුද්ගලයින්ට බලපැවැත්වෙන පරිදි මෙලෙස ඇඳිරි නීතිය පනවා ඇති අතර පොලිස් කොමසාරිස් Holomo Molibeli විසින් අත්සන් කරන ලද ලේඛනයට අනුව, රාත්‍රී 10 සිට අලුයම 04 දක්වා නිවෙස්වලින් බැහැර වීම තහනම් කර තිබෙනවා.

Holomo Molibeli වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එය කඩකරන පුද්ගලයන්ට දඩ හෝ වසර දෙකක සිර දඬුවමකට යටත් වීමට සිදුවන බවයි.

Share This