අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික රථ පෙළකට නයිජීරියාවේ දී ප්‍රහාරයක්

අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික රථ පෙළකට නයිජීරියාවේ දී ප්‍රහාරයක්

නයිජීරියාවේ දී අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික රථ පෙළකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.

එරට බෙදුම්වාදී කණ්ඩායමක් විසින් රාජ්‍ය තාන්ත්‍රික රථ පෙළට වෙඩි තැබීමක් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී කොන්සල් කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

ප්‍රහාරයෙන් අනතුරුව තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ රියදුරෙකු පැහැරගෙන ගොස් ඇති බව සඳහන්.

කෙසේවෙතත් මියගිය හෝ පැහැර ගැනීමට ලක්වූවන් අතර අමෙරිකානු පුරවැසියෙකු නොමැති බවයි නයිජීරියානු බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

Share This