රුසියාවෙන් යුක්‍රේනයට තවදුරටත් ගුවන් ප්‍රහාර -අයෙක් මරුට

රුසියාවෙන් යුක්‍රේනයට තවදුරටත් ගුවන් ප්‍රහාර -අයෙක් මරුට

යුක්‍රේනයේ කියෙව් අගනුවරට මේ මස නවවෙනි වරටත් රුසියාව විසින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

නිරිත දෙසින් පිහිටි කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩේසා වෙත එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි බලධාරීහු පවසා තිබෙන්නේ

Vinnytsia, Khmelnytsky සහ Zhytomyr ප්‍රදේශවලින් ද පිපිරුම් ඇසුණු බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

කියෙව් හි නගරාධිපති Vitali Klitschko පවසා තිබෙන්නේ Darnytsya ප්‍රදේශයේ ගරාජයක ගින්නක් හටගෙන ඇති නමුත් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බවයි.

Share This