දකුණු කොරියාවේ විදුලි බිලත් ඉහළට

දකුණු කොරියාවේ විදුලි බිලත් ඉහළට

දකුණු කොරියාවේ විදුලි බිල ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 5.3% කින් විදුලි බිල ඉහළ නැංවීමට එරට බලධාරීන් තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය අප්‍රේල් පළමුවනදා විදුලි බිල ඉහළ නැංවීමට පියවර ගත්තද ඉහළ ගිය ජීවන වියදමට එරෙහිව එල්ල වූ මහජන විරෝධය හමුවේ එය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

මෙම වසර ආරම්භයේ දීද 9.5% ක විදුලි බිල වැඩි කිරීමක් සිදු වූ අතර වසරක් තුළ සිදුවන දෙවන විදුලි බිල ඉහළ නැංවීම මෙය වන බව සඳහන්.

රජය විසින් පවත්වාගෙන යන විදුලි බලාගාරයේ අමෙරිකානු ඩොලර් බිලියන 2.4 ක අලාභයක් පසුගිය වසරේ වාර්තා කර තිබුණා.

එමෙන්ම පළමු කාර්තුවේ දී එම බලාගාරයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 4.69 ක මෙහෙයුම් අලාභයක් ද වාර්තා වී ඇති බව සඳහන්.

එමෙන්ම ගෘහස්ථ ගෑස් මිල ගණන් ද 5.3% කින් ඉහළ නංවන බව පසුගියදා නිවේදනය කර තිබූ අතර මෙම මිල ඉහළ නැංවීම් දෙකම මෙම සතිය තුළ ක්‍රියාත්මක වන බවයි දකුණු කොරියානු බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

Share This