G7 සමුළුව අද  ඇරඹේ

G7 සමුළුව අද ඇරඹේ

මෙවර G7 සමුළුව අදින් (19) ආරම්භ වනවා.ඒ ජපානයේ හිරෝෂිමාහිදීයි.මෙවර G7 සමුළුවේ සභාපතිත්වය දරන්නේ ජපානයයි.

අදින් ආරම්භ වන G7 සමුළුව 21 වනදා දක්වා තෙදිනක් පුරා පැවැත්වෙනවා.

ඊට සහභාගී වීම සඳහා G20 සමුළුවේ සභාපතිත්වය දරණ ඉන්දියාවට විශේෂ ආරාධනයක් සිදුකර ඇති බවයි පවසන්නේ.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද ජපානයේදී ආරම්භ වන G7 සමුළුවට සහභාගී වනු ඇති.

එහිදී සිදු කිරීමට නියමිත සිය විශේෂ දේශනයේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සාමය, ස්ථාවරත්වය සහ තිරසාර ලෝකයක සමෘද්ධිය වැනි කරුණු පිළිබඳ අවධානය යොමු කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ජපාන සංචාරයට සමගාමීව G7 රටවල නායකයින් හමුවී සාකච්ඡා පවත්වනු ඇතැයි ද සඳහන්.

ජපාන සංචාරයෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැපුවා නිව්ගිනියාවටත්, ඕස්ට්‍රේලියාවටත් පැමිණීමට නියමිතව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

Share This