එක්සත් ජනපදයෙන් රුසියාවට එරෙහි නව සම්බාධක -යුක්‍රේන ජනපතිත් G7 සමුළුවට

එක්සත් ජනපදයෙන් රුසියාවට එරෙහි නව සම්බාධක -යුක්‍රේන ජනපතිත් G7 සමුළුවට

G7 නායකයින්ගේ වාර්ෂික රැස්වීම ජපානයේ හිරෝෂිමා නුවරදී පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky මෙම සමුළුවට පෞද්ගලිකව සහභාගී වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව, සෞඛ්‍ය සහ න්‍යෂ්ටික නිරායුධකරණය පිළිබඳව ද මෙම සමුළුවේදී සාකච්ඡා කෙරෙනු ඇති.

එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ජපානය G7 රටවලට අයත්වන අතර මේ වසරේ තවත් රටවල් අටකට ආරාධනා කර ඇති බවයි පැවසෙන්නේ

එක්සත් ජනපදය රුසියාවට එරෙහි ඔවුන්ගේ නව සම්බාධක සමුළුවේදී ප්‍රකාශයට පත් කිරීමටද නියමිත අතර පනවන සම්බාධක සම්බන්ධයෙන් සහයෝගය දක්වන ලෙස අනෙකුත් රටවලින් ඉල්ලා සිටිනවා

Share This