දකුණු අමෙරිකානු රටක පාසැලක ගින්නක් -ළමුන් 20ක් මරුට

දකුණු අමෙරිකානු රටක පාසැලක ගින්නක් -ළමුන් 20ක් මරුට

දකුණු අමෙරිකානු උතුරු අත්ලාන්තික් වෙරළ තීරයේ පිහිටි රටක්වන Guyanaවේ පාසැලක ඇතිවූ ගින්නකින් දරුවන් අවම වශයෙන් 20ක් පමණ මේ වනවිට මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මධ්‍යම Guyanaවේ Mahdia හි ඇති වූ මෙම ගින්නෙන් තවත් බොහෝ දරුවන් මිය ගිය බවට බියක් පවතින බවයි බලධාරීහු පවසන්නේ

එම පාසැලේ නේවාසිකාගාරයද ගිනිගෙන ඇති අතර එහි සිසුන් සිරවී සිටි බවයි සඳහන් වන්නේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගින්න මැඩපැවැත්වීමට හදිසි සේවා අංශ දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බව එරට රජය පවසනවා

බරපතල ලෙස තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජෝර්ජ්ටවුන් අගනුවර හදිසි මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති අතර Guyanaවේ ජනාධිපති ඉර්ෆාන් අලි මේ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ළමුන් හත් දෙනෙකු ප්‍රතිකාර සඳහා ජෝර්ජ්ටවුන් වෙත රැගෙන ගොස් ඇති අතර සෞඛ්‍ය නිලධාරීන්ට සහාය දැක්වීම සඳහා ගුවන් යානා පහක් පිටත්ව ගොස් ඇති බවද වාර්තා වනවා

Share This