අබුඩාබි හි නිවසක ගින්නකින් 6ක් මරුට – 7කට තුවාල

අබුඩාබි හි නිවසක ගින්නකින් 6ක් මරුට – 7කට තුවාල

අබුඩාබි හි නිවසක හටගත් ගින්නකින් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.

එරට Muazzaz ප්‍රදේශයේ නිවසක ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගින්නෙන් තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකු බරපතල තත්ත්වයේ පසුවන බව සඳහන්.

මෙම ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මියගිය පුද්ගලයින් වෙනුවෙන් එරට බලධාරීන් ශෝකය පළ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

Share This