එක්සත් ජාතීන්ගේ සංවිධානය සිදු කළ නව අනාවරණය

එක්සත් ජාතීන්ගේ සංවිධානය සිදු කළ නව අනාවරණය

අයහපත් කාලගුණික තත්ත්වයන් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරා පුද්ගලයින් මිලියන 2 කට අධික පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එහි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය මේ බව ප්‍රකාශ කරන අතර ඔවුන් පෙන්වාදෙන්නේ පසුගිය අඩ සියවස තුළ අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4.3 ක ආර්ථික හානියක් ද අයහපත් කාලගුණික තත්ත්වයන් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුව ඇති බවයි.

1970 වර්ෂයේ සිට 2021 වසර දක්වා වූ කාලය තුළ කාලගුණය, දේශගුණය සහ ජලය ආශ්‍රිත සිදුවීම් 11,778 ක් වාර්තා වී ඇති අතර ලොව පුරා වාර්තා වූ මරණවලින් 90% කට වඩා වැඩි ප්‍රමාණයක් සංවර්ධනය වෙමින් පවතින රටවල සිදුව ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පෙන්වා දී තිබෙනවා.

කෙසේවෙතත් වැඩිදියුණු කළ අනතුරු ඇඟවීම් සහ සම්බන්ධීකරණ ආපදා කළමනාකරණය පසුගිය වසර 50 තුළ මිනිස් ජීවිත හානි සංඛ්‍යාව අඩු කර ගැනීමට ද හැකියාව ලැබී ඇති බවයි එම සංවිධානය සඳහන් කර ඇත්තේ.

Share This