හැරී කුමරුට පොලිස් ආරක්ෂාව සඳහා ගෙවීමට තිබූ නීතිමය අයිතිය අහිමි වේ

හැරී කුමරුට පොලිස් ආරක්ෂාව සඳහා ගෙවීමට තිබූ නීතිමය අයිතිය අහිමි වේ

එක්සත් රාජධානියේ සිටියදී ඔහුගේ පොලිස් ආරක්ෂාව සඳහා ගෙවීමට ඇති අයිතිය හැරී කුමරුට අහිමි වී තිබෙනවා.

සසෙක්ස් ආදිපාදවරයා සම්බන්ධයෙන් රට තුළ කරගෙන යන නඩු මාලාවකදී ලන්ඩන් මහාධිකරණය අද එම තීන්දුව ලබාදී තිබෙනවා.

හැරී කුමරු වැඩ කරන රාජකීයයෙකු ලෙස ඉවත් වීමෙන් පසු ඔහුගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර ගැනීමට ගත් තීරණයට ආදිපාදවරයා අභියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ආදිපාදවරයා විසින් තම අරමුදල්වලින් පොලිස් ආරක්ෂාව සඳහා ගෙවීමට ඉඩ නොදීමට ගත් තීරණය සමාලෝචනය කිරීම සඳහා අභියාචනය විනිසුරු චේම්බර්ලයින් මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ වනවිට වෙනම නීතිමය කණ්ඩායමක් මගින් බදු ගෙවන්නන් විසින් අරමුදල් සපයන ලද ආරක්ෂාව ඔහුගෙන් ඉවත් කිරීමේ මුල් තීරණය සමාලෝචනය කිරීමට කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This