එක්සත් ජනපද සබඳතා ගැන නව චීන තානාපතිවරයාගෙන් ප්‍රකාශයක්

එක්සත් ජනපද සබඳතා ගැන නව චීන තානාපතිවරයාගෙන් ප්‍රකාශයක්

එක්සත් ජනපද සහ චීන සබඳතාවල පවතින දුෂ්කරතා පිළිබඳව මෙන්ම,තම ජාතීන් දෙක අතර සබඳතා නැවත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය බව නව චීන තානාපතිවරයා සඳහන් කර තිබෙනවා.

චීනයේ නව තානාපති Xie Feng ඊයේ (23) එක්සත් ජනපදයට පැමිණීමෙන් පසු මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

දැඩි දුෂ්කරතා සහ අභියෝග පවතින අවස්ථාවක එක්සත් ජනපද-චීන සබඳතා වැඩිදියුණු කිරීම තම අරමුණ බවයි ඔහු පවසන්නේ .

“එක්සත් ජනපදය සහ චීනය අතර සහයෝගීතාවය පුළුල් කිරීමට කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු වන බවත් එවිට දෙරට අතර සම්බන්ධතාවය නිවැරදි මාවතට එනු ඇති බවට විශ්වාසය පළ කරනු ඇති බවටත් චීනයේ නව තානාපති Xie Feng වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරනවා

Share This