කොවිඩ් තවදුරටත් සෑම විනාඩි හතරකටම වරක් එක් අයෙකුට දිවි අහිමි කරයි

කොවිඩ් තවදුරටත් සෑම විනාඩි හතරකටම වරක් එක් අයෙකුට දිවි අහිමි කරයි

ගෝලීය කොවිඩ් වෛරසය හේතුවෙන් තවදුරටත් සෑම මිනිත්තු හතරකට වරක් අවම වශයෙන් එක් පුද්ගලයෙකුට දිවි අහිමිවන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

වසර තුනකට වැඩි කාලයකට පසු, ගෝලීය කොවිඩ් හදිසි අවස්ථාව නිල වශයෙන් අවසන් වී ඇති පසුබිමකයි මෙම තත්ත්වය වාර්තා වන්නේ.

ඒ අනුව අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සහ එන්නත් අඩු රටවල ජනතාව මෙම අවදානමට ලක්වනවා.

එමෙන්ම පසුගිය වසරේ එක්සත් ජනපදයේ හෘද රෝග සහ පිළිකා රෝගවලට පසු තුන්වන විශාලතම මරණ වාර්තා වී ඇත්තේ කොවිඩ් රෝගයෙනුයි

Share This