මොළය බද්ධ කිරීමෙන් පසු ඇවිදීමට හැකියාව ලැබුණු අංශභාග රෝගියා

මොළය බද්ධ කිරීමෙන් පසු ඇවිදීමට හැකියාව ලැබුණු අංශභාග රෝගියා

අංශභාගය වැළදුන පුද්ගලයෙකුට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මොළය බද්ධ කිරීමෙන් පසු නැවතත් ඇවිදීමට හැකිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වසර 12කට පෙර සිදු වූ යතුරුපැදි අනතුරකින් නෙදර්ලන්තයේ ලයිඩන් හි 40 හැවිරිදි Gert-Jan Oskam නැමැත්තාට සාමාන්‍ය ලෙස සිටගෙන ඇවිදීමේ හැකියාව අහිමි වී තිබෙනවා.

මොළය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ බද්ධ කිරීමකින් සිතුවිලිවලින් පමණක් කකුල් චලනය කිරීමට ඉඩ දීමෙන් පසු ඔහුට නැවතත් ඇවිදීමට හැකියාව ලැබුණු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

The Metro පුවත්පතට අනුව, Switzerland හි Ecole Polytechnique Federale de Lausanne (EPFL) හි ස්නායු විද්‍යාඥයින් විසින් ඔවුන් “රැහැන් රහිත ඩිජිටල් සම්බන්ධතාවක්” නිර්මාණය කර ඇති අතර එය මොළය සහ සුෂුම්නාව අතර අහිමි වූ සම්බන්ධතාවය යථා තත්ත්වයට පත් කිරීමට සමත් වනවා.

මෙම ඩිජිටල් සම්බන්ධතාව යනු මොළය සහ කොඳු ඇට පෙළේ අතුරු මුහුණතක් වන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

එමඟින් Gert-Jan Oskamට ඔහුගේ පාදවල චලනය පාලනය කිරීමට ඉඩ සලසන අතර ඔහුට නැගී සිටීමට මෙන්ම ඇවිදීමට සහ පඩිපෙළ නැගීමට පවා හැකිවනවා.

පර්යේෂකයන් පවසන්නේ මෙම ඩිජිටල් සබඳතාව මගින් මොළය සහ සුෂුම්නාව අතර නව ස්නායු සම්බන්ධතා වර්ධනය වී ඇති බවයි.

Share This