ජනපති රනිල් Nikkei සංසදය අමතමින් අවධාරණය කළ කරුණු

ජනපති රනිල් Nikkei සංසදය අමතමින් අවධාරණය කළ කරුණු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ටෝකියෝ හි පැවති ආසියාවේ අනාගතය පිළිබඳ Nikkei සංසදය අමතමින් ගෝලීය ජනගහනයෙන් 60%කගේ නිවහන ලෙස සහ ගෝලීය වර්ධනයට ප්‍රධාන දායකත්වය සපයන ලෝකයේ විශාලතම ආර්ථිකය ලෙස ආසියාවේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

චීනයේ ප්‍රකෘතිමත්වීම, ඉන්දියාවේ දේශීය ඉල්ලුම සහ ජපානය සහ දකුණු කොරියාව වැනි දියුණු ආර්ථිකයන්හි දායකත්වයේ සහායෙන් කලාපයේ අඛණ්ඩ වර්ධනය සඳහා ඇති හැකියාව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This