ජර්මානුවන් සිය ගණනක් රුසියාවෙන් නෙරපයි

ජර්මානුවන් සිය ගණනක් රුසියාවෙන් නෙරපයි

අධ්‍යාපන හා සංස්කෘතික ක්ෂේත්‍රවල සේවය කරන ජර්මානුවන් සිය ගණනක් ලබන මාසයේදී රුසියාවෙන් නෙරපා හරින බව ජර්මානු විදේශ අමාත්‍යාංශය පවසයි.

ජුනි මස ආරම්භයේ සිට ජර්මානු සේවක සංඛ්‍යාව සීමා කිරීමට රුසියාව තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නෙරපා හරින පිරිස අතරට මොස්කව්හි ජර්මානු පාසලේ ගුරුවරුන් සහ Goethe ආයතනයේ සංස්කෘතික සංගමයේ කාර්ය මණ්ඩලය ඇතුළත් වනවා.

මෙම පියවර ගෙන ඇත්තේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැරීම් නිසා රුසියාව සහ ජර්මනිය අතර සබඳතා පළුදු වීමෙනි.

පසුගිය මාසයේ රුසියාව සහ ජර්මනිය දෙරටේ තානාපති කාර්යාලවල සේවකයින් 40 දෙනෙකු නෙරපා හැර තිබෙනවා.

ජර්මානු විදේශ අමාත්‍යාංශය උපුටා දක්වමින් Süddeutsche Zeitung පුවත්පත වාර්තා කරන්නේ මෙම ඒකපාර්ශ්වික, අසාධාරණ සහ තේරුම්ගත නොහැකි තීරණය සැලකිල්ලට ගනිමින්, ජර්මනිය විසින් රුසියාවේ රාජ්‍ය තාන්ත්‍රිකන්ගේ අවම කිරීම ගැන සැලකිලිමත් වන බවයි.

යුක්‍රේනයේ යුද්ධය ආරම්භයේ සිට යුරෝපා සංගමයේ රටවල් කිහිපයක් රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැර තිබෙනවා.

Share This