මසක් තුළ සරණාගත භාවය ඉල්ලූ ඇෆ්ගන් ජාතිකයින් ගණන ඉහළට

මසක් තුළ සරණාගත භාවය ඉල්ලූ ඇෆ්ගන් ජාතිකයින් ගණන ඉහළට

මාසයක් තුළ 9,000 කට අධික ඇෆ්ගන් ජාතිකයන් යුරෝපා සංගමයේ සාමාජික රටවල සරණාගත භාවය අයදුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ අනුව යුරෝපීය සංගණන කාර්යාංශය වාර්තා කර ඇත්තේ තනි රටක් විසින් වාර්තාගත ඉහළ සරණාගත අයදුම්පත් සංඛ්‍යාවක් ඉල්ලුම් කර ඇති බවයි

පසුගිය වසර කිහිපය තුළ යුරෝපා සංගමයේ සාමාජික රටවල සරණාගතභාවය පතා පැමිණි විශාලතම කණ්ඩායම් සිරියානුවන් සහ ඇෆ්ගන් ජාතිකයන් බව සඳහන්.

යුරෝපීය සංගණන කාර්යාංශය පවසා ඇත්තේ මෙම වසර ආරම්භයේදී යුරෝපා සංගම් සාමාජික රටවල සරණාගත අවශ්‍යතා පසුගිය වසරට සාපේක්ෂව සියයට 40 කින් වැඩි වී ඇති බවයි

Share This