නෙදර්ලන්තයේ විරෝධතාවක් අතරතුර 1500කට වැඩි පිරිසක් අත්අඩංගුවට

නෙදර්ලන්තයේ විරෝධතාවක් අතරතුර 1500කට වැඩි පිරිසක් අත්අඩංගුවට

නෙදර්ලන්තයේ හේග් (Hague) නගරයේ ප්‍රධාන අධිවේගී මාර්ගයක් අවහිර කරමින් විරෝධතාවයේ නිරත පුද්ගලයින් 1,579 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් පැවති විරෝධතාවයකදී බව සඳහන්.

ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වෙමින් ඉල්ලා ඇත්තේ ෆොසිල ඉන්ධන සහනාධාරය නතර කරන ලෙසයි

කෙසේ වෙතත් එම පිරිස විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර එල්ල කර ඇති අතර බොහෝ විරෝධතාකරුවන් වැහි කබා සහ පිහිනුම් ඇඳුම් ඇඳ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එමෙන්ම අත්අඩංගුවට ගත් බොහෝ විරෝධතාකරුවන් නිදහස් කර ඇති අතර 40 දෙනෙකුට නඩු පවරන බවයි එරට පොලිසිය පැවසුවේ

Share This