යුක්‍රේනයේ Kyiv අගනුවරට රුසියාවෙන් නව දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්

යුක්‍රේනයේ Kyiv අගනුවරට රුසියාවෙන් නව දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක්

රුසියාව විසින් යුක්‍රේනයේ කියෙව් (Kyiv) අගනුවරට නව දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

Kyiv හි නගරාධිපති Vitaliy Klitschko පැවසුවේ ඉන්ධන පිරවුම්හලක් අසල ඩ්‍රෝන සුන්බුන් වැටීමෙන් පුද්ගලයෙකු මිය ගිය ගොස් ඇති අතර කාන්තාවක් තුවාල ලබා ඇති බවයි

එමෙන්ම රුසියාව යුක්‍රේනයේ ඉලක්ක වෙත kamikaze ඩ්‍රෝන යානා 54ක් දියත් කළ අතර ඉන් 52ක් වෙඩි තබා බිම හෙළා ඇති බව යුක්‍රේන ගුවන් හමුදාව ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

ඩ්‍රෝන් කැබලි කඩා වැටීමෙන් අගනුවර විවිධ දිස්ත්‍රික්කවල අවම වශයෙන් උස් ගොඩනැගිලි දෙකක් ගිනිගෙන ඇති බව ද Kyiv හි නගරාධිපතිවරයා සඳහන් කළා

Share This