බෝම්බ බියකින් සර්බියාවේ පාසල් වැසෙයි

බෝම්බ බියකින් සර්බියාවේ පාසල් වැසෙයි

බෝම්බ බියක් හේතුවෙන් සර්බියාවේ පාසල් රැසක් තාවකාලිකව වසා දමා තිබෙනවා.

එරට ප්‍රාථමික පාසල් 78කට සහ උසස් පාසල් 37කට පුපුරණ ද්‍රව්‍ය සවි කර ඇති බවට විද්‍යුත් තැපෑලෙන් අනතුරු ඇඟවීම් ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව සිසුන් පාසල්වලින් ඉවත් කරමින් එරට ආරක්ෂක අංශ විසින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

කෙසේවෙතත් කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් මෙතෙක් සොයාගෙන නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

Share This