රුසියාවෙන් දිගින් දිගටම යුක්‍රේනයට ප්‍රහාර -ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට යුක්‍රේනය සූදානම් ද ?

රුසියාවෙන් දිගින් දිගටම යුක්‍රේනයට ප්‍රහාර -ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට යුක්‍රේනය සූදානම් ද ?

රුසියාවෙන් යළිත් යුක්‍රේනයේ අගනුවර ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

අඛණ්ඩව ප්‍රහාර එල්ලකළ තුන්වන දිනය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

කියෙව්හි පිපිරීම්වලින් ගොඩනැගිලි කිහිපයක්ද විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා .

යුක්‍රේනයට එල්ලවූ මෙම ප්‍රහාරවලින් එක් අයෙක් හෝ මිය ගිය බවටද වාර්තා වනවා

රුසියාව මීට පෙර රාත්‍රී කාලයේ එල්ල කළ ප්‍රහාර දෙකේදී භාවිතා කළ සියලුම මිසයිල සහ ඩ්‍රෝන යානා බිම හෙළූ බව ද යුක්‍රේනය පවසනවා

ජනාධිපති Volodymyr Zelensky එක්සත් ජනපදය විසින් නිෂ්පාදනය කරන ලද Patriot ගුවන් ආරක්ෂක පද්ධතිය පැසසුමට ලක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

මාස ගණනාවක් තිස්සේ ප්‍රතිප්‍රහාරයක් සඳහා සැලසුම් කර ඇති නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා කාලය අවශ්‍ය වී ඇති බව යුක්‍රේනය පවසා ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This