සුඩාන සටන් විරාමය තවත් දින පහකින් දීර්ඝ කෙරේ

සුඩාන සටන් විරාමය තවත් දින පහකින් දීර්ඝ කෙරේ

සුඩාන සටන් විරාමය තවත් දින පහකින් දීර්ඝ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මේ පිළිබඳව එක්සත් ජනපදය හා සෞදි අරාබිය විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

සුඩානයේ මිලියන දෙකක ජනතාවකට ආධාර ලබාදීමට මෙම සටන් විරාමය ඉවහල් වනු ඇති බවත්,සටන් ඇවිලීමෙන් පසු පළමු වතාවට Khartoum අගනුවර සිරවී සිටින පදිංචිකරුවන්ට සැපයුම් යැවීමට හැකිවනු ඇති බවත් ලෝක ආහාර වැඩසටහන පවසා තිබෙනවා.

කෙසේවෙතත් සුඩාන හමුදාව සහ ප්‍රතිවාදී හමුදාව Darfur ප්‍රදේශයේ නැවතත් සටන් විරාම උල්ලංඝනය කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This