උතුරු කොරියාවේ ප්‍රයත්නය අසාර්ථක වෙයි

උතුරු කොරියාවේ ප්‍රයත්නය අසාර්ථක වෙයි

තම පළමු අභ්‍යවකාශ චන්ද්‍රිකාව උඩු ගුවනට යැවීමට උත්සාහ කිරීමේදී සිදුවූ අනතුරක් හේතුවෙන් එය මුහුදට කඩා වැටුණු බව උතුරු කොරියාව පවසනවා

එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා ජුනි 11 වන විට චන්ද්‍රිකාවක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව උතුරු කොරියාවේ අගනුවර වන Pyongyang හි බලධාරීන් මීට පෙර නිවේදනය කර තිබුණා

ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මේ පිළිබඳව පවසා තිබෙන්නේ උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් එල්ල කළ බව පෙනෙන්නට ඇති බවත් රජය ඒ පිළිබඳ තොරතුරු විශ්ලේෂණය කරමින් සිටින බවත්ය.

එක්සත් ජනපදය දකුණු කොරියාව සහ ජපානය මෙම දියත් කිරීම හෙළා දැක ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres ද මෙය හෙළා දැක ඇති අතර, Pyongyang විසින් බැලස්ටික් මිසයිල තාක්ෂණය භාවිතයෙන් චන්ද්‍රිකා දියත් කිරීම අදාළ ආරක්ෂක මණ්ඩල යෝජනාවලට පටහැනි බවයි වැඩිදුරටත් පවසා ඇත්තේ

Share This