Twitter වෙතින් Elon Musk ඈත්වීම ගැන ප්‍රශ්නයක්

Twitter වෙතින් Elon Musk ඈත්වීම ගැන ප්‍රශ්නයක්

Elon Musk චීන සංචාරය අතරතුරදී සිය Twitter ගිණුමේ කිසිදු පණිවිඩයක් සටහන් නොකිරීම විශේෂත්වයක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Twitter සමාජ මාධ්‍යය තුළ නිරන්තරයෙන් පෙනී සිටින ඔහු චීන සංචාරය ආරම්භ කිරීමෙන් පසු සිය Twitter ගිණුමේ කිසිදු සටහනක් තබා නැහැ.

Elon Musk පසුගිය මැයි 30 වනදා අළුයම දක්වාම Twitter ගිණුමේ සටහන් තබා තිබුණා.

ඒ අනුව 2022 වසරේ ජුනි මාසයෙන් පසු Elon Musk වැඩිම කාලයක් Twitter වෙතින් ඈත් වී සිටින්නේ චීන සංචාරය තුළදී බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මස්ක්, ඔහුගේ සංචාරය අතරතුර චීන රජයේ නිලධාරීන් සහ දේශීය ව්‍යාපාරික නායකයන් හමුවූ අතර එහිදී චීනයේ සහ එක්සත් ජනපදයේ අවශ්‍යතා එකිනෙකට බැඳී ඇති බවට ප්‍රකාශ කර ඇති බවයි චීන මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

Share This